එල් පී එල් මූලික වටයේ තරග අදින් අවසන්

0
LPL First Round Matches End Today - එල් පී එල් මූලික වටයේ තරග අදින් අවසන්

එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමග ඊයේ පැවැති තරගයෙන් කඩුලූ 06 ක ජයක් හිමිකර ගැනීමට කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සමත්වුණා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 09 ක් දැවී ලකුණු 130 ක් ලබා ගත්තා.

රමේෂ් මෙන්ඩිස් ලකුණු 41 ක් රැස්කළ අතර සචිත ජයතිලක ලකුණු 34 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු සහ අල් අමින් හුසේන් කඩුලූ 03 බැගින් බිඳහෙලුවා.

කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 02 ක් තුළදී කඩුලූ 04 ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කලා.

රවී බොපාරා නොදැවී ලකුණු 59 යි.

එල් පී එල් තරගාවලියේ මූලික වටයේ අවසාන තරග 02 අද පැවැත්වෙනවා.

ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර තරගය පස්වරු 03 ටත්, කලම්බු ස්ටාර්ස් සහ කැන්ඩි වොරියර්ස් අතර තරගය රාත්‍රී 07.30 ටත් ආරම්භ වනු ඇති.

එල් පී එල් දෙවන වටයේ තරග අනිද්දා සිට සූරියවැවදී පැවැත්වෙනු ඇති.