තවත් කොවිඩ් මරණ 21ක් වාර්තා වෙයි

1

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 21ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14698ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) තහවුරු කරන ලද මෙම මරණ අතර අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවන් 5දෙනෙකු වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 14ක් වාර්තාවී තිබෙනවා. ඒ පිරිමි 10ක් සහ කාන්තාවන් 4ක් වශයෙන්.