කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

0
Water Cut in Colombo Several Area - කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

මෙම සතිඅන්තයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 09, 11, 12, 13 සහ 14 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය‍ි.

ලබන 18 සෙනසුරාදා පෙරවරු 11.00 සිට 19 වන ඉරිදා පෙරවරු 8.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුකිරීමට නියමිත බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කරයි.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.