ඊයේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ

0
Covid 19 new cases yesterday - ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ
බස්නාහිරින් කොවිඩ් 19 ආසාදිතයින් 1783ක්

බස්නාහිර පළාතෙන් ඊයේ දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 1,783 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,443ක් වන අතර ඉන් ආසාදිතයින් දෙදෙනෙක් විදේශගතව සිටි පැමිණි අයයි.

සෙසු ආසාදිතයින් 3,441 දෙනා දිවයිනේ දිස්ත්‍රික්ක 25න් ම වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 822 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 674 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 248 දෙනෙකු, ත්‍රිණාමලය දිස්ත්රි ක්කයෙන් 204 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 190 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 182 දෙනෙකු, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 117 දෙනෙකු සහ මාතර දිස්ත්‍රික්කයෙන් 108 දෙනකු ලෙස වාර්තා වී ඇත.

මේ අතර ඊයේ දිස්ත්‍රික්ක 09ක දෛනික ආසාදිතයින් සංඛාව 100 ඉක්මවා තිබුණි.

මේ අතර, තවත් කොවිඩ් මරණ 38ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,089ක් දක්වා ඉහළ ගියා

2021 මැයි 7 වන සිට මැයි 20 දක්වා වු කාලය තුළ එම රෝගීන් මියගොස් ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (20) දින මෙම මරණ තහවුරු කර තිබෙනවා.

වාර්තා වූ කොවිඩ් මරණ පිළිබඳ විස්තරය – https://newsweb.lk/කොවිඩ්-මරණ-38ක්-සමස්ත-මරණ-1089/

මේ අතර, දින 14ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරය යන ප්‍රචාර අසත්‍ය බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ, එවැනි කිසිදු තීරණයක් මේ වන විට ගෙන නොමැති බවය.

ලබන ජුනි 01 වනදා සිට දින 14ක කාලයක් රට වසාදමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/