ආණ්ඩුවෙන් ඉවත් වෙන්න දැනට 41 දෙනෙක් ස්ථිර කරලා

0
More MPs Confirmed to Leave the Government - ආණ්ඩුවෙන් ඉවත් වෙන්න දැනට 41 දෙනෙක් ස්ථිර කරලා
ඉදිරියේදී එළඹෙන තීරණාත්මක මොහොතකදී ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා මැති ඇමතිවරුන් 41 දෙනෙකු මේ වනවිට ස්ථිරවම සිය කැමැත්ත පළකර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුවේ පක්ෂ සහ කණ්ඩායම් අතර මෙන්ම විපක්ෂය සමඟත් ඔවුන් සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡා සඳහා මීටත් වඩා වැඩි මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වී ඇති බව සඳහන්.

ඒ අතරින් ආණ්ඩුවෙන් ඉවත් වන බවට මේ වනවිට ස්ථිරවම සිය වචනය ලබාදී ඇති පාර්ලිමේන්තු නියෝජිතයින් ගණන 41ක් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එමෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වූ පසුව, විපක්ෂ කණ්ඩායම් සමග කෙරෙන ඉදිරි දේශපාලන කටයුතුවලදී හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වීමට ද ඔවුන් එකඟතාව පළකර ඇති බව ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කරූ ජයසූරිය මහතා දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකළත් පොදු වැඩපිළිවෙලක් වෙනුවෙන් පොදු නායකත්වයක් වශයෙන් ඒ මහතාව පිළිගැනීමට හැකියැයි ඔවුන් එකඟවී ඇති බවයි වාර්තා වූයේ.