තවත් කොවිඩ් මරණ 16ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 16ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 16ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14677ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) තහවුරු කරන ලද මෙම මරණ අතර අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

අවුරුදු 30ත් 59ත් අතර එක් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 13ක් වාර්තාවී තිබෙනවා. ඒ පිරිමි 10ක් සහ කාන්තාවන් 3ක් වශයෙන්.