දුම්රිය රියදුරන් සහ නියාමකවරු වර්ජනය අත්හිටුවයි

0
Train Drivers and Operators Stopped Strike - දුම්රිය රියදුරන් සහ නියාමකවරු වර්ජනය අත්හිටුවයි

දුම්රිය රියදුරන් සහ නියාමකවරු අද (15) දහවල් සිට ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව එලෙස වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

දුම්රිය එංජින් රියදුරන් ඇතුළු දුම්රිය ශ්‍රේණි ගණනාවක උසස්වීම් අහිමිකිරීම හා අත්තෝමතික ලෙස පසුගිය කොවිඩ් කාලයේ සේවයට පැමිණීමට නොහැකි වූ දුම්රිය සේවකයින් සේවයෙන් ඉවත්කිරීමත් ආදි හේතු මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබුණි.

දුම්රිය නියාමක සංගමය, දුම්රිය එංජින් රියදුරන් හා සෙසු වෘත්තීය සංගම් ගණනාවක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දක්වා තිබුණි.