හෙට සිට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව

0
Dr. Asela Gunawardana Statement of Health Guide Series - හෙට සිට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව

මේ වනවිට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයෙන් අවසන් වන අතර එය තවත් දින 15කට දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන අද පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී ප්‍රකාශ කර සිටියා.

විවාහ මංගල්‍ය සඳහා උත්සව ශාලාවල ඉඩ ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයක් හෝ උපරිම අමුත්තන් සංඛ්‍යාව 200 දෙනෙක්ට අවසර හිමිවන අතර එළිමහනේ පැවැත්වෙන විවාහ උත්සව සඳහා 250 දෙනෙකුට අවසර හිමිව ඇත. කෙසේ වුවත් විවාහ මංගල උත්සව සඳහා මත්පැන් ලබාදීම තහනම් වේ.

ඒ අනුව සිනමාශාලා සඳහා ආසන පහසුකම් අනුව සීයයට 75ක පිරිසකට ඇතුල්වීම අවසර හිමිව ඇත. ක්‍රීඩා කටයුතු සිදුකිරිමට අවසර ලබාදී ඇති අතර තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර නැත.

ශාලාවල පැවැත්වෙන පෞද්ගලික උත්සව සඳහා උපරිම 100 දෙනෙකුට සහභාගිවිය හැකි අතර නිවස තුල පැවැත්වෙන උත්සවයකට සහභාගිවිය හැකි සංඛ්‍යාව 10කට සිමා කර ඇත. කෙසේ වුවත් එළිමහන් සාද පැවැත්වීම තවදුරටත් තහනම් වේ.

ආපනශාලා තුල ආහාර ගැනීමේදී එකවර අසුන් පැනවිය හැකි උපරිම සංඛ්‍යාව 100 දෙනෙකු වන අතර එළිමහන් ස්ථානයක නම් පුද්ගලයින් 150 කට අවසර ලබාදී ඇත.

වෙළෙඳ සැල්, ෆාමසි සහ සුපිරි වෙළෙඳසැල් සඳහා එකවර ඇතුල්විය හැකි සංඛ්‍යාව එහි ඉඩ ප්‍රමාණයෙන් 1/3ක පිරිසකට පමණි.

කොණ්ඩා කපන ස්ථාන සඳහා පැමිණිය හැක්කේ පෙර වේලාවන් වෙන් කර ගන්නා පාරිභෝගිකයින්ට පමණයි.

ආර්ථික මධ්‍යස්ථාන, සති පොළවල්, ජංගම වෙළෙඳුන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව වැඩ කටයුතු පැවැත්වේ.

ආගමික ස්ථාන සඳහා බැතිමතුන් පැමිණීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුවේ.

සම්මන්ත්‍රණ ශාලා ආදිය පවත්වාගෙන යාමේදි නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු අතර උපරිම සංඛ්‍යාව 150 කට සීමා විය යුතුය.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා පමනක් උපකාරක පංති පැවැත්විය හැකි අතර එකවර සහභාගිවිය හැකි ප්‍රමාණය ඉඩ ප්‍රමාණයෙන් 50% ක් වේ.

කර්මාන්තශාලා ආදිය පවත්වා ගෙන යෑමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුවේ.