දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් වර්ජනයක

0
Railway Staff to Withdraw from Their Duties - දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් වර්ජනයක

සිය ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් අද (15) මධ්‍යහ්න 12 සිට දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

වෘත්තීය ක්‍රියාමාර්ගයට අනුව නැවත දැනුම්දෙනතුරු සියලුම දුම්රිය ධාවන කටයුතුවලින් ඉවත් වන බවයි නියාමකවරුන්ගේ සංගමය කියා සිටියේ.

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ සංගම් ඒකාබද්ධව මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත් දහවල් 12 වනවිට ධාවනය වෙමින් ඇති දුම්රියන් ගමනාන්තය දක්වා පැමිණෙන බවත් නව ගමන්වාර කිසිවක් ධාවනය නොවන බවත් සඳහන්.