මේ ප්‍රදේශවලින් මුහුදු ගියා නම් වහාම ගොඩබිමට එන්න.. කාලගුණයෙන් අවවාදාත්මක දැනුම්දීමක්…

0
Warning Notice from the Meteorological Department - මේ ප්‍රදේශවලින් මුහුදු ගියා නම් වහාම ගොඩබිමට එන්න.. කාලගුණයෙන් අවවාදාත්මක දැනුම්දීමක්...

දිවයිනට දකුණු දෙසින් පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය ඉදිරි පැය 24 තුළ දී අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකියි.

එමෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නොයෙදන ලෙස දැනුම් දී තිබෙනවා.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින අයට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම නිවේදනය පහතින් දැකගත හැකියි.

(liveat8.lk වෙබ් අඩවිය ඇසුරිනි)