ඔමික්‍රෝන් පැතිරෙන වේගය නොසිතු ලෙස වැඩිවේ

0
Warning of Omicron by WHO - ඔමික්‍රෝන් පැතිරෙන වේගය නොසිතු ලෙස වැඩිවේ

ඔමික්‍රෝන් නව කොරෝනා වෛරස් ප්‍රභේදය පෙර නොවූ විරූ වේගයකින් ලොව පුරා පැතිරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා

ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වනවිට රටවල් 77 ක් පුරා ව්‍යාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

WHO ප්‍රධානියා පවසා තිබෙන්නේ ඔමික්‍රෝන් අඩු බරපතල රෝග ඇති කළත්, විශාල රෝගීන් සංඛ්‍යාව නැවත වරක් සූදානම් නොවූ සෞඛ්‍ය පද්ධති යටපත් කළ හැකි බවයි.

මේ නිසා එන්නත්කරණය වඩා වේගවත්ව සිදු කළ යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය ප්‍රථම වරට නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවේදී හඳුනා ගැනුණා.