තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වෙයි
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊයේ දිනයේ තහවුරු කළ තවත් කොවිඩ් මරණ 20ක් අද වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,661ක් දක්වා ඉහළගොස් ඇත.

මෙම නව මරණ අතර වයස අවුරුදු 30ට අඩු දෙදෙනෙක් සිටින අතර ඒ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් බව වාර්තා කර තිබේ.

එසේම 30ත් 59ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනකු ද මෙම මියගිය පිරිස අතර සිටින අතර 60ට වැඩි පුද්ගලයන් 16ක් මියගොස් ඇති බවද අදාළ වාර්තාවේ සඳහන් කර තිබේ.