මිරිස් නිශ්පාදනය වැඩි කරන්න ලෝක බැංකු ආධාර මත නව වැඩ සටහනක්

0
මිරිස්

ලංකාවේ වාර්ශික වියලි මිරිස් අවශ්‍යතාවය ටොන් 60,000 පන්මන වෙතැයි ගනන් බලා ඇත. ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම උදෙසා දේශීය වශයෙන් වියලි මිරිස් ටොන් 7,500 ක් නිශ්පාදනය කෙරෙන අතර වියලි මිරිස් ටොන් 52000 ක් පමණ ආනයනය කිරීමට සිදුව ඇත. ඒ සදහා අපේ රටින් පිටතට ඇදීයන මුදල රුපියල් මිලියන 14,500 හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 72.5 ක් පමණ වැයකිරීමට සිදුව තිබේ.

කෘෂිකර්ම දෙපාර්ථමේන්තුව හරහා 2020 වසරේදී ආරම්භකල වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර 4000 වැඩිකිරීමේ වැඩසටහනට අනුව දෙමුහුන් බීජ වාර්ශික නිශ්පාදන අවශ්‍යතාවය 2021 වසර සඳහා පමණක් 2500 Kg වේ. වාර්ශිකව 500 Kg බැගින් එය වැඩිකිරීමටද යෝජිතයි. දෙමුහුන් බීජ රටතුල නිශ්පාදනය කිරීම සඳහා කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියේ පූර්ණ දායකත්වය ලැබී ඇත.

එක් ගොවි මහතෙක් උදෙසා වර්ග අඩි 1500 – 1800 ආරක්ෂිත ගෘහයක් ලැබෙන පරිදි ලබා දී ඇත. එක් ගෘහයකින් බීජ 8 – 10 Kg ත් අතර නිශ්පාදයක් අපේක්ෂ්හා කෙරෙන අතර වැලිමඩ , බණ්ඩාරවෙල , නුවරඑළිය , බදුල්ල , සහ නුවර දිස්ත්‍රික්කයන්හි ගොවි පවුල් 132 ක් මේ සඳහා දායක වී ඇත. කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ 2021 වසරේදී පමණක් ලබා දීමට යෝජිත දෙමුහුන් බීජ නිශ්පාදනය 1,056 කි එය එම වර්ශයේ ජාතික අවෂ්‍යතාවයෙන් 42% කි. 2024 වසර වන විට ගොවිපොල වල් සංඛ්‍යාව 300 දක්වා ඉහල දැමීමට යෝජිත බැවින් එම නිශ්පාධන ඉහල යාමත් සමග කෘෂ්හිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය හරහා පමණක් ජාතික අවශ්‍යතාවයෙන් 82% ක් අපේම ගොවි මහතුන් හරහාම නිශ්පාදනය කෙරෙනු ඇත.

කෘෂිකර්මාණ්ත අංශයේ අගය දාමයේ අඩු පාඩු හඳුනාගෙන නව්‍ය තාක්ෂණය මුසු කරමින් ජාතික අවශ්‍යතාවය නිශ්පාදනය කරමින් රටේ කෘෂිකර්මාණ්තය නැංවීමට විශාල ක්‍රියාමාර්ග රැසක් ගනිමින් පවතී. ශ්‍රී ලංකාවේ රුහුණු විශ්ව විද්‍යාලයත් එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයක් හා පුද්ගලික අංශයෙන් ඩයලොග් සමාගමද ව්‍යාපෘතියට සම්පත් දායකත්වයෙන් එක්ව සිටිති. උක් බඩ ඉරිඟු කජු ගම්මිරිස් කුරුඳු කරාබුනැටි බුලත් ඇතුලු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාණ්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය රේකීය අමාත්‍යංශය ලෙස ක්‍රියාකරණු ලබයි.



(වැඩි දුර තොරතුරු සඳහා www.asmp.mpi.gov.lk)