ආණ්ඩුවේ වැඩ නිසා අපිට ඇඩෙනවා

0
Athuraliye Rathana Thero Statement of Government Actions - ආණ්ඩුවේ වැඩ නිසා අපිට ඇඩෙනවා

යුගදනවි විදුලි බලාගාරය පිළිබඳ රහසිගත ගිවිසුම හමුවේ අදවනවිට ආණ්ඩුවේ ගරුත්වය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කරනවා.

යුගදනවි ගණුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය සහ ජීවන වියදම යන මැයෙන් අද (14) ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති මහජන මන්ත්‍රණ සභාවේදීයි අතුරලියේ රතන හිමියන් මේ බව සඳහන් කළේ.

විමල් වීරවංශ, උදය ගම්මන්පිළ සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් නායකත්වය දරන දේශපාලන පක්ෂ ඇතුලු පක්ෂ 11 ක් ඒකාබද්ධවයි මෙම මහජන මන්ත්‍රණ සභාව සංවිධාන කර තිබුණේ.

අමාත්‍ය වාසදේව නානායක්කර මහතාද මෙහිදී අදහස් දැක්වුවා.