ආණ්ඩුව පෙරලා දැමිමේ කුමන්ත‍්‍රණයක් ගැන රොෂාන් රණසිංහ කියයි

0
Roshan Ranasinghe Talks about a Conspiracy to Overthrow the Government - ආණ්ඩුව පෙරලා දැමිමේ කුමන්ත‍්‍රණයක් ගැන රොෂාන් රණසිංහ කියයි

මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට කටයුතු කල පුද්ගලයන් කිහිපදෙනෙකු වත්මන් ආණ්ඩුවේද හිදිමින් ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

එම පිරිස වහාම ආණ්ඩුවෙන් එළවා දැමීමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

මෙම කුමන්ත‍්‍රණ කාරයන් දෙතුන්දෙනාට ගහලා හරි පන්නා දැමිය යුතු බවද පැවසූ ඔහු බංකොලොත් දේශපාලකයන්ට නැවත මතුවීමට ඉඩ තැබිය යුතු නැති බවත් කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පොළොන්නරු ප්‍රදේශයේ දී පැවති උත්සවයක් අමතමිනි.