ආනයනය කළ ගෑස් තොගය ප්‍රතික්ෂේප කෙරෙයි

0
Imported Gas Stocks are Rejected - ආනයනය කළ ගෑස් තොගය ප්‍රතික්ෂේප කෙරෙයි

ලිට්රෝ සමාගම විසින් පසුගිය දා ආනයනය කළ ගෑස් තොගය ප්‍රතික්ෂේප කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඒ, අදාළ ගෑස් තොගයේ ප්‍රමාණවත් තරම් එතිල් මර්කැප්ටන් නො මැති බවට අනාවරණ වීමත් සමඟයි.

මේ අතර, ප්‍රමිතිය වෙනස් කරමින් ගෑස් වෙළෙදපොළට නිකුත් කිරීම හරහා අනතුරු සිදුවීම සම්බන්ධයෙන් අදාළ ගෑස් සමාගම්වලට එරෙහිව ලබන සතියේ නඩු මඟට පිවිසෙන බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළා.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක කියා සිටියේ, තම අධිකාරියට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.