පියා මෙන්ම අභ්‍යවකාශය ජයගත් දියණිය

0
Father as well as Daughter Conquered Space - පියා මෙන්ම අභ්‍යවකාශය ජයගත් දියණිය

පියා අභ්‍යවකාශය තරණය කර වසර 60කට පසුව ඔහුගේ දියණිය ද එම ජයග්‍රහණය අත්කරගැනීම දුර්ලභ ය.

පසුගියදා එය යථාර්තයක් බවට පත්විණි.

ඇලන් ෂෙෆර්ඩ් අමෙරිකාවේ පළමු අභ්‍යවකාශගාමියා ලෙස හැඳින්වෙයි.

ඔහු 1961 මැයි 5 වනදා මර්කරි නම් යානයෙන් අභ්‍යවකාශ ගත විය. නමුත් ඔහු 1998දී ජීවිතයට සමුදුන්නේය.

ඇලන් ෂෙෆර්ඩ් අභ්‍යවකාශය ජයගෙන වසර 60කට පසුව ඔහුගේ දියණිය ලෝරා, අභ්‍යවකාශ තරණයට සමත් වූවාය.

ඇය එම වරම හිමිකර ගත්තේ ජෙෆ් බෙසොස් ගේ බ්ලූ ඔරිජින් ස්පේස් සමාගම සතු වානිජ්‍ය අභ්‍යවකාශ යානාවේ ගමනකට එක්වෙමින්ය.

ලෝරා මේවන විට 74 හැවිරිදි වියේ පසුවෙන්නීය.

ලොව සිටින විශාලම ධනවතුන්ගෙන් කෙනෙක් වන බෙසොස් ගේ අරමුණ වන්නේ අභ්‍යවකාශ තරණය සඳහා සංචාරකයින් ගෙන යෑමය.