සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්

0
Warning from the Ministry of Health - සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්

වාර්තා වන ඩෙංගු ​රෝගීන් අතුරින් 30%ක් පමණ වයස අවුරුදු පහත් දහනවයත් දක්වා වයසේ දරුවන් වන බැවින් දරුවන් රෝගයට ගොදුරු වීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.

මෙම වසරේ නොවැම්බර් මස ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස පනස් නවයක් හඳුනා ගෙන ඇත. එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල පරීශ්‍ර පරීක්ෂා කිරීමේදී 10% දක්වා සංඛ්‍යාවක ඩෙංගු මදුරු කීටයන් හමුවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෙලෙස ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන අතුරින් 40%ක් පමණ නොදිරන කසළ සහ 20% ක් ජලය රැස් කරන ටැංකි වීමද අවධානයට ලක් විය යුතු කරුණක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනාධිපති කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවකදී අනාවරණය වී ඇත. 2021 නොවැම්බර් මාසය වන විට ඩෙංගු රෝගීන් 25,910ක් හා මරණ 19ක් වාර්තා වී ඇත. ඉදිකිරීම් පරිශ්‍ර, පාසල්, ආගමික ස්ථාන, ධීවර වරායන්, පොදු ස්ථාන හා නිවාස පරිශ්‍රවලද ඩෙංගු මදුරුවන් බෝවන බව කීට විද්‍යා සමීක්ෂණ වාර්තාවලින් හෙළි වෙයි.

ඩෙංගුවලින් තොර පරිසරයක් ඇති කිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර වැඩපිළිවෙළක් සකස් කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත. දිස්ත්‍රික් සම්බන්ධීකරණ හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කිමටු රැස්වීම්වලදීද ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පියවර ගත යුතු වෙයි. පළාත් ආණ්ඩුකාරවරුන්ද ඊට දායකත්වය ලබාදිය යුතුය. ඩෙංගු රෝග වැළැක්වීම සඳහා ඉදිකිරීම් පරිශ්‍රවලට දැනට බලපැවැත්වෙන නීතිරීති අඩුපාඩු සංශෝධනය කිරීම හා තවත් ක්‍රියාමාර්ග රැසක් කඩිනමින් ගැනීමටද ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත.