අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි
අද (12) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 176ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අතර විදෙස්ගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් 4 දෙනෙකු ද සිටී.

අද දිනයේ හඳුනාගත් දෛනික ආසාදිතයින් ගණන 714කි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 572,902ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදිත වී සිටි පුද්ගලයන් 425 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 545,051ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.