මවක් දරු දෙදෙනා සමග ළිඳට පනී – කුඩා දියණිය මරුට

0
කුඩා දියණිය මරුට

සිය සැමියා සමග බහින් බස්වීමක් දුරදිග යෑමෙන් සිත් තැවුලට පත් මවක් තම දරු දෙදෙනාද සමග ගෙවත්තේ ඇති ළිඳකට පැනීමෙන් මාස දෙකක් වයසැති කුඩා දියණිය මියගොස් තිබෙනවා.

ඊයේ (20 දා) අලූයම හතරට පමණ සිදුවූ මෙම සිද්ධියෙන් මියගියේ කොරතොට, තුන් අඳහේන ප‍්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

අලූයම් කාලයේ නිවසේ ජනේලයෙන් පැනගොස් සිය දරුවන් දෙදෙනාද සමග ඇය ළිඳට පැන ඇති අතර ස්වාමියා විමසිලිමත් වීමෙන් මොවුන් ළිඳට පැන ඇති බව දැනගෙන තිබුණා.

ඔහු වහාම ක‍්‍රියාත්මක වී ළිඳට පැන අවුරුදු දෙකක් වයස පුතා සහ බිරිඳ බේරාගෙන ඇතත්, කුඩා බිළිඳිය අතුරුගිරිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.