කොළඹ වටිනා ඉඩම් දෙකක් විදෙස් ආයෝජකයන්ට

0
Two Valuable Lands for Foreign Investors - කොළඹ වටිනා ඉඩම් දෙකක් විදෙස් ආයෝජකයන්ට

කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වටිනා ඉඩම් දෙකක් විදේශීය ආයෝජක සමාගම් වෙත බද්දට දීමට අදාළ ගිවිසුම් සකස් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

මෙම ඉඩම් දෙක බද්දට දීම හරහා රජය අපේක්ෂා කරන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න වෙයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ සඳහා අවශ්‍ය කටයුතු සකස් කර තිබේ.

මේ අනුව ඉන්දීය ආයෝජකයෙකු වෙත දෙමටගොඩ ප්‍ර දේශයේ අක්කර පහක ඉඩමක් ඇමෙරිකානු ඩොලර් මිලියන 200කට බද්දට දීමට නියමිත අතර එහි පෞද්ගලික රෝහල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

චීනයේ හා ඩුබායි ඒකාබද්ධ ආයෝජනයක් ලෙසින් සමිට් ෆ්ලැට්හි නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් අක්කර 10ක් බද්දට දීමට නියමිත අතර ඒ හරහා අපේක්ෂා කරන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලයන 750කි.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුම් සකස් කර ඇති අතර එවා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත කියයි.

මිට අමතරව කොළඹ කොටුවේ අක්කර 1.5ක් මැලේසියානු ආයේජකයෙක් වෙත මිශ්‍ර ව්‍යාපෘතියක් වෙනුවෙන් බදු ගැනීමට අදාළව ව්‍යාපෘති යෝජනාවක් මැලේසියානු ආයෝජකයෙක් විසින් ඉදිරිපත් කර ඇති අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 125නි.

ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි අක්කර 1.5ක ඉඩමක් හෝටල් හා නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් චීන සමාගමක් වෙත බදු දීමට මේ වන විට අවධානය යොමුව තිබේ.

සිංගප්පූරු සමාගමක් කටුනායක හා ගාල්ල ඉඩම් කිහිපයක ආයෝජනය කිරීමට අපේක්ෂා කරන අතර තවත් සමාගමක් ජා ඇළ ඉඩම් කිහිපයක ආයෝජනය කිරීමට අපේක්ෂා කරයි.