උස්සලා පොළොවේ ගහනවා යැයි සඳහන් පොලීසියේ හඬපටයක් එළියට

0
Released Voice Recording of Police Officer - උස්සලා පොළොවේ ගහනවා යැයි සඳහන් පොලීසියේ හඬපටයක් එළියට

මාර්ග නීති උල්ලංඝනය කළ බවට පුද්ගලයෙකුට අසභ්‍ය වචනයෙන් බැණවදින පොලිස් නිලධාරියෙකුගේ හඬපටයක් ඊයේ (11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යට නිකුත් කළේය.

ඒ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසිනි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ බොරලැස්ගමුව පොලීසියේ නිලධාරියෙකු බවය.

එහි “උඔ උසාවියට ඇවිල්ලා කියපං. මම කතා කරන විදිහ දන්නවා. මෙතන මේ මනුස්සයෝ නැත්තම්. හරිද. උස්සලා ගහනවා පොළොවේ දැනගනින්.” යනුවෙන් සඳහන් වෙයි.