ගින්නකින් කොටදෙණියාව ගොවිපලක කුකුළන් 8200ක් මරුට

0
Fire on Poultry Farm in Kotadeniyawa - ගින්නකින් කොටදෙණියාව ගොවිපලක කුකුළන් 8200ක් මරුට
කොටදෙණියාය වරාදල ප්‍රදේශයේ කුකුලු ගොවිපලක අද පෙරවරවේ ඇතිවූ හදිසි ගින්නකින් එහි සිටි කුකුළන් 8200 දෙනෙකු මියගොස් තිබෙනවා.

අදාළ ගොවිපළේ එක් ගොඩනැගිල්ලක සිටි සත්වයින් පිරිසකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

මීගමුව ගිනිනිවීමේ ඒකකයේ නිලධාරින් විසින් මේවන විට ගින්න මැඩපවත්වා ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.