පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රිට එරෙහිව කරුණු කියන්න CID යන්න වුනත් සූදානම්

0
Prasanna Ranathunga Statement of Easter Attack Incident - පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රිට එරෙහිව කරුණු කියන්න CID යන්න වුනත් සූදානම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්පූර්ණයෙන් වගකිව යුතු බවට තමන් කර ඇති ප්‍රකාශ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හෝ අධිකරණය ඉදිරියේ කරුනු දැක්වීමට සූදානම් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරනවා.

එය සමාජ වගකීමක් ලෙස තමා දකින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්පූර්ණයෙන් වගකිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කර ඇති ප්‍රකාශය පිළිබඳ විමර්ශනයක් කරන්නැයි කතෝලික සභාව වෙනුවෙන් අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසාන්ත පියතුමන් ඊයේ (10) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කළා.

මේ පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් Forකළ විමසීමකදී ඔහු කියා සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත තමන් කැඳවන්නේනම් දන්නා සියලු තොරතුරු අනාවරණ කිරීමට සූදානම් බවයි.