රසායනික පොහොර ආනයනය පමාවීමට හේතුව

0
Reason for Delay in Import of Chemical Fertilizers - රසායනික පොහොර ආනයනය පමාවීමට හේතුව

රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී තිබුණ ද මෙතෙක් අදාළ සමාගම් විසින් ඒ සඳහා ඉල්ලීම් කර නොමැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

රසායනික පොහොර ආනයනය තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය නොවැම්බර් මස 30 වනදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

ඊට අදාළව රසායනික පොහොර ආනයනය කිරීමට සමාගම්වලට අවසර හිමි වුවද මේ දක්වාත් ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර නොමැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේය.

පොහොර ආනයනය කරන සමාගම් විසින් ණයවර ලිපි නැවත විවෘතකිරීමෙන් අනතුරුව අදාළ ඉල්ලීම් කරනු ඇති බව සඳහන්ය.

අනතුරුව අදාළ ඉල්ලීම් පිළිබඳව සලකාබලා ඔවුන්ට පොහොර ආනයනය කිරීම සඳහා අවසර ලබාදෙන අතර එහිදී යම් යම් සීමාවන් පැනවීම සම්බන්ධයෙන් ද සලකාබැලීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පැවසීය.