තහනම මැද කෝටි හයක වාහනයක් හම්බන්තොට වරායට

0
Vehicle to Hambantota Port Amid Ban - තහනම මැද කෝටි හයක වාහනයක් හම්බන්තොට වරායට

ශ්‍රී ලංකාවේ වෙළෙඳ වටිනාකම රුපියල් කෝටි 6 ක් පමණ වන ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලැන්ඩ් කෘෂර් 300 අති නවීන මෝටර් රථයක් හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.

එම මෝටර් රථයේ තීරු බදු රහිත වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වේ.

මෙම මෝටර් රථය ඇමරිකානු තානාපති කාර්යාලය තීරු බදු රහිතව ආනයනය කල බවත් රජය වාහන ආනයනය අත්හිටුවීම තානාපති සේවයට බලනොපාන බවත් හම්බන්තොට වරායේ නිලධාරීයෙක් පැවසීය.

මෙම මෝටර් රථය වෙනත් පුද්ගලයෙක් ආනයනය කළ එකක් නොවන බව ද එම නිලධාරීයා වැඩි දුරටත් කීය.

(lankadeepa.lk වෙබ් අඩවිය ඇසුරිනි)