අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 187 දෙනෙකු අද (10) දිනයේදී හඳුනාගෙන තිබෙනවා.

ඒ සමග මෙතෙක් අද දිනට පමණක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 754ක්.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත වෛරස ආසාදිත සංඛ්‍යාව ද 571,426ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

කොවිඩ් ආසාදිත වී සිටි පුද්ගලයන් 377 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 544,200ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.