භාවිතා කරන ලද වාහනවල මිල ගණන් ඉහළට

0
Prices of Used Vehicles Go Up - භාවිතා කරන ලද වාහනවල මිල ගණන් ඉහළට
මෙරට තුළ භාවිතා කරන ලද රථ වාහනවල මිල ගණන් අද (10) සිට යළිත් වරක් ඉහළ යෑමට පටන් ගෙන තිබේ.

ඒ, ලබන වසරේදීත් (2022) වාහන ආනයන නොකිරීමට රජය ගෙන තීරණය කර ඇති බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ හෙළිදරව්වත් සමගය.

එම තීරණයත් සමග රථ වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින්ට තවත් කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.

එමෙන්ම භාවිතා කරන ලද මෝටර් රථයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් ද මේ වන විට දැඩි ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දී සිටියි.

ඊට හේතුවී ඇත්තේ මෙරට තුළ වැඩි වශයෙන් භාවිතාවන ඇල්ටෝ මෝටර් රථයක මිලද ඉතාමත් අධික මිලට අලෙවි වන තත්ත්වයකට පත්ව තිබේ.

උදාහරණයක් ලෙස 2015 වසරේ ඇල්ටෝ මෝටර් රථයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් ලක්ෂ 30කටත් අධික මිලකටය.

එමෙන්ම 2015 පැන්ඩා මෝටර් රථයක මිල ලක්ෂ 25කට අධික මිලකට මේ වන විට අලෙවිවීමට පටන් ගෙන තිබේ.

ජපන් වාහනවල මිල ගණන් ද මේ වන විට දෙගුණ තෙගුණ මිලකට අලෙවි වෙමින් තිබේ.

මේ අතර වාහන අමතර කොටස්වල මිල ගණන් ද ඉතාමත් අධික මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බව වාහන අමතර කොටස් අලෙවිකරුවන් පවසයි.