අයවැය අවසන් ඡන්ද විමසීම අදයි

0
The Final Vote on the Budget is Today - අයවැය අවසන් ඡන්ද විමසීම අදයි

ලබන වසර සඳහා වන අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර එහි දී අයවැයට පක්ෂව ඡන්ද 153ක් හිමි වුණා.

විරුද්ධ ව හිමිවූයේ ඡන්ද 60ක් පමණයි.

එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඊට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසු හා එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පාර්ශව විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමට විරුද්ධව ඡන්දය භාවිත කර තිබුණා.