කොළඹ 30ට වැඩි පුද්ගලයන් සඳහා බූස්ටර් මාත්‍රාව දීම අද සිට

0
Booster Dose for Over 30 Persons in Colombo from Today - කොළඹ 30ට වැඩි පුද්ගලයන් සඳහා බූස්ටර් මාත්‍රාව දීම අද සිට
කොළඹ මහ නගර සභා සීමාවේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් මර්දන බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම අද ආරම්භ වනවා.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය සඳහන් කලේ මේ සඳහා අදාල පුද්ගලයිනට කෙටි පණිවුඩයක් යොමුකරන බවයි.

ඒ අනුව නියමිත මධ්‍යස්ථානය වෙත පැමිණ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත හැකි අතර කොවිඩ් මර්දන එන්නත් දෙවැනි මාත්‍රාව ලබාගෙන මාස තුනක් සම්පූර්ණ වූවන්ට මෙලෙස බූස්ටර් මාත්‍රාව ලබාදෙන බවයි ඇය කියාසිටියේ.

කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඔස්සේ ද මෙම එන්නත් මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව දිනූකා ගුරුගේ මහත්මිය ප්‍රකාශ කලා.

නියමිත දිනයට පැමිණ එන්නත ලබාගන්නා ලෙසත් අනවශ්‍ය ලෙස එන්නත්කරණ මධ්‍යස්ථාන අවට එක්රැස්වෙමින් එන්නත් ලබාගැනීමට උත්සාහ නොකරන ලෙසත් ඇය ජනතාවට දැනුම් දෙනවා.