බොරතෙල් ගෙන්වන්න ඩොලර් නැති බවට ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

0
Gammanpila States that There are No Dollars to Import Crබොරතෙල් ගෙන්වන්න ඩොලර් නැති බවට ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්ude Oil -

මේ වනවිට රජයට බොරතෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිත නො මැති වීම බරපතළ ගැටලුවක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

ඊට විසඳුමක් ලෙස රුපියල්වලින් ගෙවීම් කටයුතු සිදු කර බොරතෙල් ආනයනය කිරීමේ ක්‍රියා මාර්ගයක් කෙරෙහි යොමු වීමට ඇති හැකියාව සොයා බලමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මේ අදහස් පළ කළේ, දින 26ක් තිස්සේ වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු නැවත ආරම්භ කිරීමේ අවස්ථාවේ දී මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ, මේ වනවිට තවත් දින 25කට අවශ්‍ය ඛනිජ තෙල් තොග ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ව ඇති බවයි.

බලශක්ති අමාත්‍යවරයා මීට පෙර ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීම සඳහා කටාර් රාජ්‍යයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වූ අතර, ඒ අරභයා ඔහු කටාර් රාජ්‍යයේ නිල සංචාරයක ද නිරත වුණා.

නමුත් මේ දක්වා එම ණය මුදල හෝ ඛනිජ තෙල් මිල දී ගැනීමේ දීර්ඝ කාලීන ණය ගිවිසුම සාක්ෂාත් කරගැනීමට හැකියාවක් ලැබුණේ නෑ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉතිහාසයේ කිසිදු දිනයක ඛනිජ තෙල් ආශ්‍රිත මිල දී ගැනීම් සඳහා ශ්‍රී ලංකා රුපියලෙන් ගෙවීම් සිදු කර නො මැති අතර, මෙවර එම අත් හදා බැලීම සිදු කිරීමට සැරසෙන්නේ පළමු වරටයි.

මේ අතර, ඊයේ සිය නිල මූල්‍ය සංචිත සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ වාර්තවක දැක්වුණේ, ලබන ජනවාරි මාසය වනවිට මෙරට සතු නිල ඇමරිකානු ඩොලර් සංචිතය බිලියනයක් දක්වා පහළ වැටෙන බවයි.

ඒ අනුව ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවන්නේ, ලබන ජනවාරි මාසයෙන් පසු මෙරටට ආනයනය කළ යුතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ගෙන ඒමේ බරපතළ ගැටලුවකට මුහුණ දිය හැකි බවයි.