අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 185 දෙනෙක් අද (08) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන 757කි.

මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 569,928ක් දක්වා ඉහළගොස් තිබේ.

කොරෝනා ආසාදිත වී සිටි පුද්ගලයන් 356ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 543,467ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 28ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.