පදික වේදිකාවේ නවතන වාහන වලට කරන දේ මෙන්න

0
Here is What Happens to Vehicles Parked on the Sidewalk - පදික වේදිකාවේ නවතන වාහන වලට කරන දේ මෙන්න

කොළඹ ඇතුළු තදාසන්න නගරවල රථ වාහන තදබදයක් ඇති වන අයුරින් පදික වේදිකාවේ නතර කර ඇති රථ වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක් අද සිට ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, පදික වේදිකාවෙහි ගමන් කරන ජනතාවට බාධා වන අන්දමින් සහ රථ වාහන තදබදයක් ඇති වන අයුරින් වාහන නතර කරන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

ඒවා සැලකිල්ලට ගනිමින් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කළා.

මෙම මෙහෙයුම මීට පෙර ද ක්‍රියාත්මක වූ අතර කොරෝනා ව්‍යාප්තියත් සමඟ එය තාවකාලිකව නතර කෙරුණා.