ආපනශාලාවක ගෑස් සිලින්ඩරයක් පිපිරී යයි

0
Another Gas Cylinder Explodes in a Restaurant - ආපනශාලාවක ගෑස් සිලින්ඩරයක් පිපිරී යයි
පොල්හේන්ගොඩ, කුමාරතුංග මාවතේ පිහිටි ආපනශාලාවක ගෑස් සිලින්ඩරයක පිපිරීමක් සිදුව තිබේ.

ගෑස් කාන්දුවීම් නිසා සිදු වූ පිපිරීම් පිළිබඳ සිද්ධි අතුරින් ආසන්නතම සිදුවීම වූ මෙම පිපිරීම ඊයේ පස්වරුවේ සිදුව ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකරන කිරුළපන පොලීසිය සඳහන් කළේ රෙගියුලේටරය අසලින් ගැලවී ගොස් මෙම පිපිරීම සිදුව ඇති බවය.

පිපිරීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැති අතර ආපනශාලාවට අලාභ හානි සිදුව තිබේ.

අදාළ පිපිරීම cctv කැමරාවක පටිගතව තිබුනේ මෙලෙසින්.