තරුණියක් බලෙන් පැහැරගෙන යද්දී වු අනතුරෙන් අයෙක් මරුට

0
Person Dead by Tipper Accident in Kilinochchi - තරුණියක් බලෙන් පැහැරගෙන යද්දී වු අනතුරෙන් අයෙක් මරුට

කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රියේ පැහැරගැනීමක් සිදුකර අධික වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව ඇලකට පෙරලීම හේතුවෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇති බවට ධර්මපුරම් පොලීසිය පවසයි.

කිලිනොච්චිය කරවෙට්ටි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක් ටිපර් රථයකින් පැමිණි පරිසක් විසින් බලහත්කාරයෙන් පැහරගෙන පලාගොස් ඇති අතර ටිපර් රථය පසුපස පැහැරගත් තරුණියගේ පෙම්වතා යතුරුපැදියකින් ලුහුබැඳීම හේතුවෙන් ටිපර් රථය අධික වේගයකින් ධාවනය කිරීමේදී එහි වේගය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව වට්ටකච්චි නව පාලම අසලදී ටිපර් රථය ඇලට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

ටිපර් රථය පෙරලීමෙන් එහි සිටි පැහැගැනීමට ලක් වූ තරුණිය සහ තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එක් අයෙකු මිය ගොස් ඇති අතර බරපතල තත්වයේ සිටි තරුණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යැවීය.

අනතුරින් මියගොස් ඇත්තේ කිලිනොච්චිය නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ඩිලක්ෂණ් නැමති තරුණයෙකු වන අතර මළසිරුර කිලිනොච්චිය රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමුකොට ඇත.