ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර ඔහුගේ නිවස වෙත

0
The Body of Sri Lankan Person to His House - ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර ඔහුගේ නිවස වෙත

පකිස්තානයේ සියල්කොට්හි දී අන්තවාදීන් පිරිසකගේ පහරකෑමට ලක්ව ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ සිරුර ඔහුගේ නිවස වෙත රැගෙනවිත් තිබෙනවා.

අද අලූයම 03.00 පමණ එය රැගෙනවිත් ඇති බව සඳහන්.

පකිස්තානයේ සියල්කොට්හි රාජ්කෝ කම්හලේ සාමාන්‍යාධිකාරීවරයකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර මහතා පසුගිය සිකුරාදා දිනයේදී ඝාතනයට ලක්වුණා.

පකිස්තානයේ ලාහෝර් සිට ඊයේ පස්වරුවේ මෙරටට රැගෙන ආ දේහයේ අවශේෂ කොටස් සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව රෝහලේ දී සිදුකර තිබුණා.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි.