අගමැති උද්ඝෝෂණ කරන හැටි සජබ මන්ත්‍රීවරුන්ට කියාදෙයි

0
The Prime Minister Tells the MPs How to Protest - අගමැති උද්ඝෝෂණ කරන හැටි සජබ මන්ත්‍රීවරුන්ට කියාදෙයි

පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ජල පොකුණ ආසන්නයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊයේ පෙරවරුවේ උද්ඝෝෂණයේ යෙදී සිටියදී ඒ අසලට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් සමග විනාඩි කිහිපයක් සුහදව කතාබස් කරමින් සිටිනු දක්නට ලැබිණ.

තමා ඉතිහාසයේ මෙවැනි දේශපාලන සටන්වල යෙදී සිටි ආකාරය සිහිපත් කරමින් අගමැතිවරයා මෙහිදී උද්ඝෝෂණයේ යෙදුණු මන්ත්‍රීවරුන් සමඟ කතාබහ කළේය.

විරෝධතාවක් සංවිධානය කිරීමේ දී මීට වඩා වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි කර ගත යුතු බවද අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

එම ස්ථානයේ විරෝධතාවයේ නිරතව සිටි සමගි ජන ජනබලවේගයේ පාලිමේන්තු මන්ත්‍රීවරුන්වන රාජිත සේනාරත්න, ඉමිටියාස් බාකීර් මාකර් සහ පාඨලී චම්පික රණවක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙහි දී අගමැතිවරයා සමඟ සුහද කතාබහක නිරත වනු දැකගත හැකි විය.