විපක්ෂය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

0
Opposition Boycotts Parliament Today - විපක්ෂය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් හිරිහැර සිදුවන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද දිනයේද පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ ප්‍රකාශ කර සිටිනවා.

මෙයට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට ජල පොකුණ අසල අද පෙරවරුවේ උද්ඝෝෂණයකද නිරත වන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් කතානායකවරයාට අද බාරදීමටද තීරණය කර ඇත.

මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට කථානායකවරයා තීරණය කර තිබේ.

කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, විපක්ෂයේ සහ ආණ්ඩුපක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගෙන් සමන්විත එම කමිටුව මෙම සතිය තුළදී පත්කිරීමට කටයුතු කරන බවයි.