දෙනියාය සමුපකාරය පොහොට්ටුව 2/3න් පරාදයි.. ජවිපෙට දැවැන්ත ජයක්…

0
SLPP Defeated from Deniyaya Cooperative - දෙනියාය සමුපකාරය පොහොට්ටුව 2/3න් පරාදයි.. ජවිපෙට දැවැන්ත ජයක්...
දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිති මහා සභාවට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්‍ෂ බලවේග විසින් සහාය දුන් පිරිස 2/3 ඉක්මවූ හෝ ඒ ආසන්න ජයග‍්‍රහණයක් ලබා ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලද පාර්ශ්වය ඉන් විශාල වශයෙන් පසුබෑමකට ලක්ව තිබේ.

නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සහාය ලද කණ්ඩායම නියෝජිත ධුර 39ක් දිනා ගනිද්දී ජයග‍්‍රාහී කණ්ඩායම ආසන 55ක් ජයග්‍රහණය කර ඇත.

ඉන් වැඩිම කොටසක් (48) ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් කොටපොල සුරැකීමේ සංවිධානය විසින් දිනාගෙන ඇති අතර ඒ අනුව සභාවේ සභාපති ධුරය ඇතුළු බලය පිහිටුවීම ඔවුනට පහසුවෙන්ම හැකිව තිබේ.

කෙසේ වෙතත් මෙහිදී අධ්‍යක්‍ෂ මණ්ඩලය නියෝජනය වන කුමණ ප‍්‍රමාණයෙන්දැයි මෙතෙක් අවසන් ගණනය කිරීමක් සිදුව නැත.

සාමාජිකයන් 50,000ක ගෙන් පමණ සමන්විත කොටපොල විවිධ සේවා සමුපකාර සමිතය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම සමුපකාර සමිතියක් ලෙසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම සමිතියේ බලය පසුගිය නිලවරණයේදී 90% පමණ විශාල පරතරයකින් ජයග්‍රහණය කරන ලදී.

මෙම ආසනය පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිපුණ රණවකගේ සංවිධායක ධුරය දරයි.