තරුණ මව සහ බිළිඳිය දියේ ගිලී අතුරුදන්.. තවත් අයෙක් මරුට…

0
Baby and Women Missing in Peradeniya - තරුණ මව සහ බිළිඳිය දියේ ගිලී අතුරුදන්.. තවත් අයෙක් මරුට...

පේරාදේණිය, කලුගමුව ප්‍රදේශයේදී මහවැලි ගඟේ දියනාමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු දියේ ගිලී තිබේ.

ඉන් එක් අයෙකු මියගොස් 20 හැවිරිදි කාන්තාවක් සහ 02 හැවිරිදි බිළිඳියක අතුරුදන්ව තිබේ.

එකම පවුලේ මව සහ දියණිය එලෙස අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (05) සවස් කාලයෙදී එම අනතුර සිදුව ඇත.

ප්‍රදේශවාසීන් එක් පුද්ගලයෙකු සහ පිරිමි ළමයෙකු බේරාගෙන ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇත.

මියගොස් ඇත්තේ, 20 හැවිරිදි මාපනාවතුර පැසේජ්, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අතුරුදන් වු අය සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් කටයුතු සිදුකරන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.