ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ලැයිස්තුව

0
Covid 19 new cases in sri lanka yesterday - කොළඹ දිස්ත්‍රික්කය යළිත් අවදානම්

ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 3,623 දෙනා ගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 761ක් දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

කඩවත ප්‍රදේශයෙන් ආසාදිතයින් 100ක්, දිවුලපිටිය 101ක්, දොම්පේ සහ ගම්පහ ප්‍රදේශවලින් ආසාදිතයින් 30 දෙනා බැගින්, රාගම 59ක්, මිනුවන්ගොඩ 71ක්, ජා-ඇල 36ක්, කටාන 71ක්, කටුනායක 33ක්, මීගමුව 35ක්, නිට්ටඹුව 32ක් සහ වත්තල 21ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 493 දෙනකු වාර්තා වී ඇත. පානදුර – දකුණ 263ක්, කළුතර – උතුර 56ක්, කළුතර – දකුණ 59ක්, බණ්ඩාරගම 27ක්, අලුත්ගම 22ක් සහ වරකාගොඩ 16ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 218 දෙනෙකු වාර්තා වී ඇත. ගල්කිස්ස 45ක්, පාදුක්ක 23ක්, කොටුව 43ක් සහ කොම්පක්ඤ විදියේ 36ක් ලෙස ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 265ක් වාර්තා වී ඇත. මාවතගම 128ක්, කුරුණෑගල 39ක්, ගොකරැල්ල 27ක් සහ පොතුහැර 18ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 275 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වී ඇත. ඇල්පිටිය 72ක්, අක්මීමන 83ක් සහ හබරාදුව 49ක් වාර්තා වී තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 233 දෙනෙක් වාර්තා වී ඇත. වරකාපොළ 174ක්, මාවනැල්ල 16ක්, කෑගල්ල 13ක් සහ රඹුක්කන 15ක් වාර්තා වී ඇත.

මාතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 106 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වැලිගම 83ක් සහ දෙණියාය ප්‍රදේශයෙන් 11ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

ඊයේ දිනයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 203 දෙනෙකු වාර්තා වී තිබෙනවා. යාපනයෙන් 87ක් සහ නෙල්ලිඅඩි ප්‍රදේශයෙන් ආසාදිතයින් 78ක් ලෙස වාර්තා වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124ක් වාර්තා වී ඇත. හතරලියැද්ද 53ක්, හඟුරන්කෙත 39ක් ලෙස වාර්තා වී ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 139ක් වාර්තාවී තිබේ. අනුරාධපුර 63ක්, ගලෙන්බිඳුණුවැව 26ක්, ගල්කිරියාගම සහ හොරොව්පොතාන ප්‍රදේශවලින් ආසාදිතයින් 19 දෙනා බැගින් වාර්තා වී ඇත.

මීට අමතරව බදුල්ල 53ක්, අම්පාර 31ක්, මාතලේ 62ක්, මුලතිව් 77ක්, මන්නාරම 07ක්, නුවරඑළිය 83ක්, රත්නපුර 88ක්, පුත්තලම 94ක්, කිලිනොච්චිය 74ක්, පොළොන්නරුව 14ක්, හම්බන්තොට 113ක්, මොණරාගල 29ක්, වව්නියාව 09ක්, ත්‍රිකුණාමලය 04ක් සහ මඩකළපුව 36ක් ලෙස වාර්තා වූ බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.