අද විදුලිය විසන්ධි වෙයිද? නැද්ද?

0
Decision of Power Cut Today - අද විදුලිය විසන්ධි වෙයිද? නැද්ද?

අද (05) දිනයේ විදුලිය කප්පාදුවක් සිදු කරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ අද දිනයේ විදුලි ඉල්ලුම ඉහළ ගියහොත් පද්ධතිය පාලනය කිරීමට එලෙස විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවය.

එසේ විදුලි කප්පාදුවක් සිදුවන්නේ නම් සවස 6ත් රාත්‍රී 9ත් අතර එය සිදුවන බවද ඔහු පැවසීය.

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.

දිවයින පුරා ඉකුත් 03වනදා සිදුවූ විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටුණි.

විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ එම බලාගාරයෙන් සපයන මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක්කිරීමට දින 3ක පමණ කාලයක් ගතවිය හැකි බවය.