ලංකා ප්‍රිමියර් ලීග් බලන්න ටිකට් ලබාගන්නේ මෙහෙමයි

0
Tickets to See the Lanka Premier League - ලංකා ප්‍රිමියර් ලීග් බලන්න ටිකට් ලබාගන්නේ මෙහෙමයි
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අද(05) කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

LPL තරගාවලියේ ප්‍රවේශපත් අදපෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මිලදීගත හැකි අතර ඔන්ලයින් ක්‍රමයට ද ප්‍රවේශපත් වෙන්කර ගත හැකිය.

ඔන්ලයින් ඔස්සේ ලබාගත් ප්‍රවේශපත් ඛෙත්තාරාම ක්‍රීඩාංගණයෙන් ලබාගැනීමට හැකිය.

රුපියල් 300, 1,000, 2,000, 3,000 සහ 5,000 යන මිල ගණන් සඳහා ප්‍රවේශපත් ලබාගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.