කින්නියා පාරු අනතුරෙන් තවත් කාන්තාවකට දිවි අහිමි වෙයි

0
Another Woman Dead in Kinniya Ferry Accident - කින්නියා පාරු අනතුරෙන් තවත් කාන්තාවකට දිවි අහිමි වෙයි

කින්නියා, කුරිඤ්ඤංකර්නි ප්‍රදේශයේ දී පාරුවක් පෙරලීමෙන් රෝහල්ගත කර සිටි 41 හැවිරිදි කාන්තාවක මියගොස් තිබෙනවා.

එම කාන්තාව ද අතුළුව කින්නියා පාරු අනතුරින් මිය ගිය මුළු සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ යනු ඇත.

කුරිඤ්ඤංකර්නි කළපුවේ පාරු අනතුරින් රෝහල්ගත කර සිටි 06 හැවිරිදි තවත් දැරියක ද පසුගිය මස 28 වනදා ජීවිතක්ෂයට පත්විය.

පසුගිය 23 වනදා උදෑසන 7.00ට පමණ පාලම් පාරුව පෙරළීයාමෙන් මෙම අනතුර සිදුවූ අතර එම අවස්ථාවේ පාසල් දරුවන් සිව් දෙනෙකු ද ඇතුළුව එම අවස්ථාවේ ජීවිත අහිමි වූ සංඛ්‍යාව 6 දෙනෙක්.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 25 ත් 30 ත් අතර පිරිසක් පාරුවේ ගමන් කරමින් සිට තිබූ අතර තුවාල ලැබූ පාසල් දරුවන් ද ඇතුළු තවත් පිරිසක් රෝහල්ගත කෙරුණා.

මේ අතර පාරුව පෙරළීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුව කින්නියා නගර සභා සභාපති, පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.