ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් සැණකෙළිය අද ඇරඹෙයි

0
LPL Opening Ceremony Today - ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් සැණකෙළිය අද ඇරඹෙයි
ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් LPL විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (05) ආරම්භ වනවා.

අද (05) සිට ලබන 23 වනදා තෙක් පැවැත්වෙන තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය හා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇති.

මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 05 ක්. එම කණ්ඩායම් වන්නේ ගෝල් ග්ලැඩියේටර්ස්, ජැෆ්නා කින්ග්ස්, දඹුල්ල ජයන්ට්ස්, කලම්බු ස්ටාර්ස් හා කැන්ඩ් වොරියර්ස්. තරගාවලියට දෙස් විදෙස් ක්‍රීඩකයන් රැසක් එක්වනවා.

තරගාවලියේ සමාරම්භක අවස්ථාව අද පස්වරු 03 යි 30 ට කොළඹදි පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. තරගාවලියේ පළමු තරගය කලම්බු ස්ටාර්ස් හා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම් අතර අද රාත්‍රී 7 යි 30 ට ආරම්භ වීමට නියමිතයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ මත මෙවර තරගාවලිය නැරඹීම සදහා පූර්ණ කොවිඩ් එන්නතකරණයට ලක්වු ප්‍රේක්ෂකයන් සීමිත සංඛ්‍යාවකට අවසර හිමිවනවා.

ගියවර පැවති එල් පී එල් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ තිසර පෙරේරා නායකත්වය දැරූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි.