ඉදිරි දින කිහිපයේ දී විදුලිය කැපෙන්නේ මෙහෙමයි

0
Power Cut for Next Days - ඉදිරි දින කිහිපයේ දී විදුලිය කැපෙන්නේ මෙහෙමයි

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් ඉදිරි දින 04 තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයීම සීමා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව පස්වරු 06 සිට පස්වරු 09.30 දක්වා අතර කාලය තුළ පැයක පමණ කාලයක් සඳහා විදුලිය සැපයීම සීමා කෙරෙන බවයි වාර්තා වන්නේ.

ප්‍රධාන සම්ප්‍රේශණ මාර්ගයේ හටගත් දෝෂයක් හේතුවෙන් ඊයේ (03) පෙරවරු 11.30ට පමණ දිවයින පුරා විදුලිය බිඳ වැටුණා.

කෙසේ වෙතත් පැය 06කට පමණ පසුව විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගැණුන ද පද්ධතියේ පැවැති අසමතුලිතතාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඊයේ (03) රාත්‍රිය වන තුරු විදුලි සැපයුම විසන්ධිව පැවතියා.