ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ සංවාදයකින් මැතිසබය උණුසුම් වෙයි

0
Government and Opposition Parties Argument in Parliament - ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ සංවාදයකින් මැතිසබය උණුසුම් වෙයි
පෙරදින ඇති වූ සිද්ධියක් පදනම් කරගෙන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ දිගු සංවාදයක් හේතුවෙන් මැතිසබයේ උණුසුම්කාරී තත්වයක් අද (4) පෙරවරුවේ ඇතිවිය.

මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සභාවට නොගැලපෙන වචනද හුවමාර වනු අසන්නට ලැබිණ.

මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඊයෙ කතානායකවරයාට පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ ඔහුට තර්ජනය කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූවේ නානායක්කාර මන්ත්‍රීවරයා කතානායකවරයා අසලට ගොස් ඔහුට තර්ජනය කිරීම තමා හෙළා දකින බවයි.

කතානායකවරයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට බැඳී සිටින බවද ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් කතාබහක් ඇතිවුණේ මේ අවස්ථාවේදීය.