චූන් පාන් වෙළෙන්දා දැරියක් අරන් මාරු වෙලා

0
Child Sexual Abuse by ThreeWheel Driver - චූන් පාන් වෙළෙන්දා දැරියක් අරන් මාරු වෙලා

බාල වයස්කාර දැරිවියක් අපහරණය කළ බව කියන චූන් පාන් වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව එඩේරමුල්ල පොලිසිය කියයි.

රත්නපුර ප්‍රදේශයේ ස්ථිර පදිංචිය ඇති එඩේරමුල්ල ප්‍රදේශයේ කුලී පදනම මත පදිංචි වී සිටින 29 හැවිරිදි ක පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

සැකකරු වයස අවුරුදු 15 ක් පමණ වයසැති පාසල් සිසුවියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන විවාහ කරගන්නා බවට පොරොන්දු වී මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක දැරිවිය සමග ජීවත් වෙමින් සිටියදී එඩේරමුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුගේ නීත්‍යානුකුල බිරිඳ නිවුන් දරුවන් අපේක්ෂාවෙන් සිටින ගැබිණි මවක් බවත් මෙම සැකකරු මීට පෙර දෙවතාවක් මෙවැනි අපරාද කර ඇති බවත් එම අවස්ථාවලදී පොලිසියට නොපැමිණ වින්දිත පාර්ශවයට මුදල් ලබා දී සමථයකට පත් කරගෙන ඇතිබවත වැඩි දුර විමර්ශන වලදී අනාවරණය වූ බව එඩේරමුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය පවසයි.