ප්‍රවීණ නළු සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වෙයි

0
Popular Actor Sarath Chandrasiri Passed Away - ප්‍රවීණ නළු සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ වේදිකා හා සිනමා නළු සරත් චන්ද්‍රසිරි අභවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් නිසා ඔහු දිගු කලක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබුවා.

මීට ඉහත අවස්ථා කිහිපයක දී ම ඔහු මිය ගිය බවට අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යයන් හරහා පැතිරුණු නමුත්, සහෘද හදවතට කම්පනයක් එක් කරමින් චන්ද්‍රසිරි ඊයේ රාත්‍රී 12.01ට කොළඹ ජාතික රෝහලේ දී දිවි රඟ මඬලට සමු දුන්නා.

මිය යනවිට ඔහු 57 වැනි වියේ පසු වුණා.