වික්ටෝරියා ජලාශයට කාරය පෙරළීම රඟපෑමක්ද?

0
Complaint of Car Accident in Victoria Reservoir - වික්ටෝරියා ජලාශයට කාරය පෙරළීම රඟපෑමක්ද?

මෝටර් රථය සමග වික්ටෝරියා ජලාශයට පෙරළී මියගිය තරුණයාගේ මරණය සැක සහිත බව ඔහුගේ මව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මහනුවර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය කියයි.

ගුරුදෙනිය ඉලුක්මෝදර ප්‍රදේශයේදී වික්ටෝරියා ජලාශයට ඉකුත් 27 වැනි දා රාත්‍රී එම මෝටර් රථය පෙරළිණි.

ඒ අවස්ථාවේ මෝටර් රථය ගමන් කළ තිදෙනකු අතරින් දෙදෙනෙක් දිවි බේරා ගත්හ. එක් තරුණයකු මෝටර් රථය සමග දියේ ගිලුණු අතර පැය 12 පමණ මෙහෙයුමකින් පසු ඔහුගේ සිරුර සොයාගත්තේය.

මේ සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී ජේ රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මියගිය අයගේ මවගේ පැමිණිල්ලට අනුව කොට්ඨාස අපරාධ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කොට ඇති බවයි.

එම අනතුරින් මිය ගියේ ගුරුදෙනිය ඉලුක්මෝදර ප්‍රදේශයේ පදිංචි අමිල ඒකනායක නැමැති 30 හැවිරිදි තරුණයෙකි.